නීතීඥවරු පිරිසක් ඉටිපන්දම් දල්වා විරෝධය පාති


අලුත්කඩේ උසාවි සංකීර්ණයට ඇතුළු වීමට ආ නීතීඥවරු පිරිසකට පොලීසිය සමග බොහෝ වේලා වාද විවාද කරන්නට සිදු විය. අන්තිමේදී ඔවුනට ඇතුළු වීමට ඉඩ ලැබිණි.

සුනිල් වටගල හා ශ්‍රීනාත් පෙරේරා මහත්වරු ද එසේ ඇතුළු වූ අය අතර සිටිති.

පොලීසිය ගේට්ටුව ඉදිරිපිට අත්වැල් බැඳගෙන සිටියේය.

උසාවිය අසල උද්ඝෝෂණය කරන පිරිස් ද ඉවත් කරන්නැයි නීතීඥවරු පිරිසක් පොලීසිට කිහිපවරක්ම කීහ.  

නීතීඥවරු පිරිසක් ඉටිපන්දම් දල්වාගෙන නිහඬ විරෝධවයක් පටන් ගත්හ. එම විරෝධතාවය ආරම්භයට පෙර ‘අද අධිකරණයේ මළගම‘ සිදුවුණායැයි ඔවුන් කියනු ඇසිණි.