ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිසකට එරෙහිව කතා කළ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දුන් බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් වූ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ නීතීඥයෙක් ඇතුළු පස් දෙනෙක් කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් සුදත් විජේවික්‍රම මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 2500ක මුදල් ඇප මත මුදා හරිනු ලැබූහ.
කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන් වන අබ්දුල් සත්තාර, සංජීව විතාරණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක රණසිංහ, නීතීඥ අරුණ දිසානායක සහ එම් කේ පුෂ්පකුමාර ඔවුහුය.
සැකකරුවෝ ශ්‍රීලනිප පාක්ෂිකයෝ වෙති.

