තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අල්ලස් පනත යටතේ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙනෙකු අද (15) ඉවත් වූහ.
මෙලෙස මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ බුවනෙක අළුවිහාරේ සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රොහාන් ද සිල්වා මහතා ඇතුළු පෙත්සමකරුවන් සිව්දෙනෙකු ගෙනු කළ මෙම පෙත්සම් අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳැවිණි.
මෙම විනිසුරුවන් දෙපළ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව එම අවස්ථාවේ දැනුම් දුන්හ. ඒ අනුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සලකා බැලීම ලබන මැයි 15 වැනිදා දක්වා කල් තැබිණි.
නීතීඥ සංගම් රීට් පෙත්සම් විභාගයෙන් විසිනුරුවරු දෙදෙනෙක් ඉවත්වෙති
Recommended Articles