(තිළිණි ද සිල්වා)
හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පිරීස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස් මහතාට එරෙහිව ආරම්භ වී ඇති අපරාධ නඩු ක‍්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ.
කොළඹ අලූත්කඬේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අමල් ඒ.රන්දෙණිය මහතා ඒ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතීඥ සංගම් ලෙක්ම්වරයා කියා සිටියේ වෘත්තීමය උපදේශනය හෝ මතය ප‍්‍රකාශ කිරීම නිසාම යම් විනිසුරුවරයෙකුට එරෙහිව අපරාධ නඩු ක‍්‍රියාවලිය යටතේ නීතිමය පියවර ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල කරන්නක් බවයි. එබැවින් යම් නීතීඥයෙකු සිය වෘත්තීමය උපදේශනය හෝ මතය ප‍්‍රකාශ කළ නිසාම එවැනි අපරාධ අධිකරණමය විනිශ්චයකට භාජනය නොවිය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය වන බව රන්දෙණිය මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

