(තිළිණි ද සිල්වා)
රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය වර්තමානයේදී බරපතල වැරදි කරන අපරාධකරුවන් ආරක්ෂා කීරීම සඳහා පෙනී සිටින්නේ යැයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (10) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එසේම තමන් හා නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය තමන් දෙදෙනාට එරෙහිව පදනම් විරහිත චෝදනා කරන බවද නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක් යැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සඳහා මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙසේද කීය.
‘‘වර්තමාන අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප දෙදෙනා කළ ප්‍රකාශයන් පිළිබඳව නීතීඥ සංගමය මේ වන විට විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා.ඔවුන් කියන එම අසත්‍ය දෑ වලට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි.එහි මූලික පියවර ලෙස ප්‍රසිද්ධ විවාදයකට එළැඹෙන ලෙසට නීතීඥ සංගම් සභාපතිවරයාට ම විසින් කළ ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ ස්වාධීනත්වය , නීතියේ ආධිපත්‍ය හා අධිකරණ ක්ෂේත්‍රයේ වැරදි ආකල්ප ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු වෙනවා.
නමුත් මේ සංගමය ඒ ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් .ඔවුන් බරපතල වැරදි කරන අපරාධකරුවන් වෙනුවෙන් වර්තමානයේදී පෙනී සිටිනවා. නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක පවතින බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නැහැ.
අපි මේ දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා කියා සිටින්නේ අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කරමින් සිටින වගකීමෙන් තොර ක්‍රියාපටිපාටිය ගැනයි.
ම විසින් අවස්ථා කිහිපයකදීම මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදාකය විසින් රටේ අධිකරණයට කරනා බලපෑම ගැන මේ නීතීඥ සංගමයට දැනුම්වත් කළා .