කොළඹ මහාධිකරණයේ නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස දීර්ඝකාලයක් ක‍්‍රියා කළ නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතා අද (18) අභහවප්ප‍්‍රාප්ත විය.
දෙදරු පියෙකු වූ ඒ මහතා මිය යනවිට 55 වියේ පසු විය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක වරයකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව ඒ මහතා නීතීඥ වෘත්තියට පිවිසියේය.
නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (20) පස්වරු 4.30 බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

