නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට


නීතී විරෝධීව  මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදු තීරයේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබු  සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කළ  දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ  නියුතු නාවිකයින් පිරිසක්  මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්  එම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව  නාවික හමුදාව සඳහන් කරයි. 

 

(36698)