( ප්‍රසාද් මුතුකුඩ)
නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20 වටිනා ටොප් මවුන්ටන් වර්ගයට අයත් විදේශ දුම්වැටි 39600 සමඟ ලාංකික ගුවන් මගියෙකු (20) අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි.
41 වියැති සැකකරු කල්මුනේ පදිංචි කරුවෙකි . කුවේට් ගුවන් සේවයට අයත් කේ යු 363 දරණ ගුවන් යානයෙන් මොහු ඩුබායි සිට පැමිණි සිටි වෙනත් ලාංකික කාන්තාවන් දෙදෙනෙකුව උපයෝගි කර දුම්වැටි කාටුන් 50 බැගින් බහා තිබු ගමන් මලු හතරක් ගුවන්තොටුපළින් පිටතට රැගෙන එන අවස්ථාවේදි බස්නාහිර පලාත් (ගුවන්තොටුපල) බුද්ධි නිළධාරියාට ලද තොරතුරු මත සැකකරු සහ දුම්වැට් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
ගුවන් මගින් රැගෙන එන සැක සහිත ගමන් මලු ගුවන්තොටුපලේදි නිරතුරුව පරික්ෂාවට ලක්කෙරෙන බැවින් සැකකරු කූඨ උපක්‍රමයක් භාවිතා කරමින් මෙලෙස නීති විරෝධි විදේශ දුම්වැටි තොගය ගුවන්තොටෙන් පිටතට ගැනීමට උත්සහ දරා තිබු බවත් එකම දිනයක පැය දෙකක් තුළ නීතිවිරෝධි විදේශ දුම්වැටි අත්අඩංගුවට ගැනීම් දෙකක් වාර්තාවීම විශේෂත්වයක් බවත් පොලීසිය සඳහන් කළේය.