අසත්‍ය චෝදනාවක් මත ගොකරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමෙන් තම කිර්තිනාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා කුරුණෑගල අධිකරණයේ නීතිඥ වසන්ත ධම්මික ගමආරච්චි මහතා ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු විසිදෙනෙකුට එරෙහිව කුරුණෑගල දිසා අධීකරණයෙහි නඩුවක් ගොනු කර ඇත.
ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ආනන්ද අබේරත්න සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සොයිසා , පොලිස් කොස්තාපල් (44353) බණ්ඩාර, පොලිස්පති සහ නිතිපති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
තම පෞද්ගලික වත්තක සේවය කළ අඹුසැමි යුවළක් ඔවුන්ගේ කල් ක්‍රියාව යහපත් නොවිම හේතුවෙන් වත්තේ සේවයෙන් ඉවත් කළ බවද, ඔවුන් පසුදින තමන්ට එරෙහිව ගොකරැල්ල පොලිසියට අසත්‍ය චෝදනාවක් කර තිබු බවද පවසන පැමිණිලිකරු තමන් ඔවුන් දෙදෙනාට පහරදි තුවක්කුවකින් සහ පිස්තෝලයකින් අහසට වෙඩි තබා තර්ජනය කොට එම යුවළේ කාන්තාව ඇදගෙන ගොස් කරදරකර පසුව ඇයට පහරදි එළවා දැමු බව එම පැමිණිල්ලේහි සඳහන් කර තිබු බවද පැමිණිලිකරු තම පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වසර විස්සකට අධික කාලයක් විවිධ අධිකරණවල නිතිඥවරයකු ලෙස කටයුතු කරමින් දැනට කුරුණෑගල නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඉතා විශිෂ්ට කිර්තියක් සමඟ උසස්
සමාජ තත්ත්වයක් දරන තමන් හට බලවත් අපකීර්තියක් අපහාසයක් බරපතල ශාරිරික හා මානසික පිඩාවක් ගෙන දුන් බවද පැමිණිලිකරු ප්‍රකාශ කර සිටියි.
මෙම පුවත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවීම හේතුවෙන් සිදුවු කිර්තිනාමය, අපහාසය සහ මානසික පිඩාව වඩාත් තීව්‍ර වු බවත් කියා සිටින පැමිණිලිකරු ඉහත කී පැමිණිලිකරුවන් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 13 වන වගන්තියේද සහ අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්මුතිය ප්‍රකාරව පැමිණිලිකරුට ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් පිඩාවට පත්කර ඇති බවද පෙත්සමෙහි සඳහන්ය.

