(ජයන්ත සමරකෝන්)
ආගමන විගමන නීතිරිති උල්ලංඝණය කරමින් මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින සංචාරකයින් 7000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී අයුරින් මෙරට රැඳී සිටින වැඩිදෙනා ඉන්දියානු හා චීන ජාතිකයින් බවද, එහි වැඩබලන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.
නේවාසික වීසා මත පැමිණ සිටින හා එම කාලය අවසන් විදේශීය ජාතිකයින් ද මේ අතර වන බව රත්නායක මහතා කීය.

