නීතිවිරෝධීව රට යන්න හැදූ පිරිසෙන් යාත්‍රා හිමිකරු ඇතුළු 8 තවදුරටත් රිමාන්ඩ්


(ඩි.ජී.සුගතපාල)
 
නීති විරෝධි ලෙස බහුදින යාත්‍රාවකින් නවසිලන්තය  බලා යාත්‍රා කරමින් සිටියදි  අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ලද පුද්ගලයින් 30 දෙනාගෙන් යාත්‍රාවේ හිමිකරු ඇතුලු 08 දෙනා තව දුරටත් අප්‍රේල් 4 වනදින දක්වා රිමාන්ඩ් කිරිම  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (21) නියෝග කළේය.

එමෙන්ම එහි සිටින යුධ හමුදා සෙබළුන් දෙදෙනා එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමටත් නියෝග කෙරිණි.
දැනට ඇප මත මුදාහැර සිටින අනෙකුත් විසිදෙනා සම්බන්ධ නඩුව මැයි 16 කැඳවිමටත්  මහේස්ත්‍රාත්වරයා  නියෝග  කළේය.
 
අප්‍රේල් 4 වැනි දින  දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබු  අටදෙනා සංවිධායකවරුන් සහ යාත්‍රාවේ සේවකයෝ වෙති.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් අට දෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයින් මගින් වන අතර ඔවුන් රුපියල් ලක්ෂ  පහ,හය වැනි මුදල් ගෙවා ගොස් ඇති බවය.එනිසා ඔවුන් ඇප මත මුදාහරින ලෙසද නිතිඥවරු ඉල්ලා සිටියහ.
 
මෙහිදි පොලිසිය කියා සිටියේ විමර්ශණ අවසන් නොමැති නිසා ඇප දිමට විරුද්ධ වන බවය.ඔවුන් මගින් නොව මෙම නිති විරෝධි ක්‍රියාවේ සංවිධායකයින් බවත් තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට සිටින බවත් පොලිසිය කියා සිටියේය.
 
ඒ අනුව සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අට දෙනා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
 
පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ ඉකුත් 2  දින(සිතුවිල්ල 2) නමැති මෙම බහුදින යාත්‍රාව හය දෙනෙකු සමග මිගමුව ප්‍රදේශයෙන් පිටත්ව දොඩන්දුව මුහුදු තිරයට පැමිණ අනෙක් පිරිසද නංවාගෙන නවසිලන්තය බලා යාත්‍රා කරමින් සිට ඇති බවය.
 
එසේ යාත්‍රා කරමින් සිටියදී මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදා නිලධාරින් විසින්   ඉකුත් 7 වනදිනගාල්ල වරායේ සිට නාවික සැතපුම් අසුවක් දුරදි  යාත්‍රාව සමග පිරිස අත් අඩංගුවට ගෙන ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනැවිත් වැඩිදුර පරික්ෂණ සඳහා වරාය පොලිසියට බාර දෙන ලදී.