නීතිවිරෝධීව ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට පොදු සමාකාලයක්


ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැදි සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සදහා පොදු සමා කාලයක් ජෝර්දාන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
 

 ඒ අනුව  2019 පෙබරවාරි 5 වන දින සිට 2019 අගෝස්තු 03 දක්වා මාස 6ක කාලයක් එම පොදු සමා කාලයක් ලබා දී ඇත.
 
 මේ වන විට ශ්‍රි ලාංකිකයින් 3500ක් පමණ නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැදී සිටින බව එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇතැයි කාර්යාංශය පවසයි.
 
 ආගමන විගමන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එරට ශ්‍රමිකයින් හට මෙම පොදු සමා කාලය තුළදී එම ගැටළු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණිමට හෝ නව හාම්පුතුන් යටතේ සේවය කිරීමට අවස්ථාව සැලසේ.
 
 ජෝර්දානයේ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තම ඥාතීන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඔවුන් දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

 

(36698)