(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙයින් ලාංකිකයන් 15 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට ද තවත් ලාංකිකයන් 11 දෙනෙකු ස්විට්සර්ලන්තයේ සිට ද එම රටවලට අදාළ විශේෂ ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
මෙම පිරිස සමඟ එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණ සිටියහ.
මේ අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය .
මොවුන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා-ස්විට්සර්ලන්ඩ් ගිය 26 ක් යළි ලංකාවට
Recommended Articles