නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයකු එරට රාමේෂ්වරම් වෙරළේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ පළවන ‘‘ද ෆස්ට් පෝස්ට් ’’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රාමේෂ්වරම් , උච්චිපුළි, වලංගපුරි වෙරළ තීරයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව එම ඉන්දීය පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ආරක්ෂක අංශ වලින් මිදී පළා ගොස් ඇති බවද වාර්තා වෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරමේ පදිංචි එස්.ස්ටෙෆාන් නැමැති පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය අඟහරුවාදා (26) රාත‍්‍රී රාමේෂ්වරම් වෙරළ තීරයෙන් ඉන්දියාවට පැමිණ ඇති බව එරට පොලීසිය පවසයි.
මොහු කුඩා බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණ ඇති අතර කුමන හේතුවක් මත ඉන්දියාවට පැමිණියේද යන්න පිළීබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව එම ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර පසුගිය සඳුඳා දිනයේදී ඉන්දියාවේ රාමනාදපුරම් ප‍්‍රදේශයේ වළ දමා තිබූ පතුරම් පෙට්ටි 50ක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගෙන ඇති බව එම ආයුධ තොගය අතර සැහැල්ලූ මැෂින් තුවක්කු 41ක්, මැෂින් තුවක්කු 22ක් සහ බිම් බෝම්බ 05ක් ඇතුළු යුධ උපකරණ තිබූ බව වාර්තා වෙයි.
125