රංජිත් රාජපක්ෂ
රටේ නීතිය හෑල්ලුවී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (14) තලවකැලේ සුමන මහ විද්‍යාලයේ පැවති රැස්වීමකදී පැවසීය.
නවීන් දිසානායක මහතා කියා සිටියේ මේ රටේ දේශපාලකයින්ට එක් අකාරයකටත් සමාන්‍ය ජනතාවට තවත් අකාරයකටත් නීතිය ක්‍රියාත්මක වන බවයි.
ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක නීතිය එක හා සමානව ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ඡන්ද දායකයාගේ සිතුම් පැතුම් හා ගැටලු තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කර ජාතික සංවිධායක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවද නවීන් දිසානායක මහතා කීය.
තම මව් භාෂාවට අමතරව මේ රටේ සැම සිසුවෙකුම තවත් භාෂාවක් දැනගත යුතු බවත් රට තුල ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට ගුරුවරුන් 6000 සිටියත් ඔවුනගේ සේවය නිසි ලෙස ඉටු කරනවාද යන්න ගැටලුවක් මතු වි ඇති බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේය.