නීතිය හා සාමය වෙනත් ඇමැතිවරයෙකුට ලබාදීම ස්ථීරයි - රාජිත


රංජන් කස්තුරි  
 
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබාදීම සම්බණ්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

 
සරත් ෆොන්සේකාට පොලිසිය බාරදිය යුතු බවට පිරිසක් යෝජනා කරන අතරර තවත් පිරිසක් විරෝධය දක්වන බවද රාජිත සේනාරත්න මහතා කියයි.
 
මේ වන විටත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙනත් ඇමතිවරයෙකුට ලබාදීම ස්ථීර යැයිද ඔහු සඳහන් කළේය.