ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර නීතියේ ආධිපත්‍ය පිළිබඳ ශක්‍යතාවය වැඩි දියුණු කරගැනීමට සහාය දීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (29) කොළඹ විදේශ අමාත්‍යංශයේදී අත්සන් කැරිණි.
විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් ගිවිසුම අත්සන් කළ අතර ගිවිසුම අනුව ඇමරිකා ඩොලර් බිලියන 2.6 ක් (රුපියල් බිලියන 363.38) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම සිදුවේ.
නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස් දෙපාර්තමේන්තුට අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි කරගැනීමේ අවස්ථාව මින් සැලසෙන බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවසීය.




