නීතිපතිට නඩු දාන්න හදයි


ඇවන්ට්ගාඩ් ආරක්ෂක සේවා සමාගම හා කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. රටට වැරදි කර ඇති බව ඔප්පු කිරීමේ හැකියාව තිබියදීත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ප‍්‍රමාණවත් සාධක නැතැයි කියමින් කටයුතු කිරීම හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් යවා ඇති තවත් පරීක්‍ෂණ වාර්තා රැසක් පිළිබඳව ගතයුතු පියවර නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පවරන බව පුරවැසි බලය සංවිධාන එකමුතුව පවසයි.

ඇවන්ගාඞ් ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධව එහි සභාපති නිශ්ශංක සේනාධිපතිටත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකුටත් එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නියෝජ්‍ය සොලිසිටර්වරයෙකු වාර්තාවක් ලබා දී තිබියදීත්, එය නොතකා නීතිපතිවරයා ක‍්‍රියා කර තිබෙන බව ද එහි සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා කීවේය.

සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඩීන්ස් පාරේ පිහිටි සාමාජය හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පුරවැසි බලය සම කැඳවුම්කරුවන් වන ගැමුණු විජේරත්න, ජෝශප් ස්ටාලින්, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක, වමේ කේන්ද්‍රය සම කැඳවුම්කරු චමීර පෙරේරා, රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු ද මෙහි දී අදහස් දැක්වූහ.

puravasi_2015917475