නීතිපති දප්පුල ද ලිවේරා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු සිව්දෙනෙකු පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය.
විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටින අනෙක් දෙදෙනා වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය විමර්ශන අංශයේ ප්‍රධානි හා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට කර ඇති සිවිල් පුද්ගලයෙකි.
නීතිපතිවරයා ජාතික තවුහිද් ජමාත් සංවිධානය (භඔන්) තහනම් කිරීමේ කටයුතුවලදී සිදුවී ඇතැයි ප්‍රමාදයක් ගැන කරුණු විමසීම සඳහාත් මහ බැංකු අධිපති හා එහි මුල්‍ය විමර්ශන අංශ ප්‍රධානි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහාතට අයත් බව පැවසෙන බැටිකලෝ කැම්පස් ආයතනයට විදේශ රටවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලැබී ඇතැයි කියන සිද්ධියක් ගැන විමසීම සඳහාත් කාරක සභාව හමුවට මෙසේ කැඳවන බව එහි සාමාජියෙක් “ලංකාදීප”යට ඊයේ පැවැසීය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) පෙරවරු 9.00 සිට රැස්වීමට නියමිතය.

