හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 2010 දී අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක් කළ භික්ෂූන් 12 නමක් වසර තුන හමාරකට පසු නිදහස ලැබීය.
තව දුරටත් නඩුව පවත්වාගෙන නොයන බව නීතිපති අධිකරණයට දැන්වීය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඒ අනුව හිමිවරුන් මුදාහළේය.
නීතිය හා සාමය කඩ කළ නිසා හිමිවරුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවත් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පොලිසිය හිමිවරුන් බලෙන් රැගෙන ගිය බව විත්තියේ නීතීඥවරු කීහ.