නීතිපති දප්පුල අගමැති හමුවේ


(සුජිත් හේවාජුලිගේ )

නීතිපති ධූරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (24) හමුවුණේය .

අගමැතිවරයා ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට මෙහිදී සුබ පැතුම් එක් කළේය .

තම සේවා කාලයේදි නඩු විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට තමාට හැකිවු බව දප්පුල ද ලිවේරා මහතා අගමැතිවරයාට පැවසුවේය .

එසේම තීරණාත්මක නඩු කිහිපයකට අදාලව කටයුතු කිරීමට මෙන්ම තවත් අපරාධ නඩු සංඛ්‍යාවකට එම විමර්ශන සමග සම්බන්ධ වී උපදෙස් ලබාදීමට ද තමාට හැකි වූයේ යයි ඔහු වැඩිදුරටත් කීවේය .