නීතිඥවරුන්ට බැන්න පොලිසියේ දෙකකට දඩ හා වන්දි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අම්බලන්ගොඩ ‌පොලීසියට අනුයුක්තව සේවය කළ  පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂයකු  නීතීඥවරුන් දෙදෙනකුට  තර්ජනය කර අවමානයට ලක් කිරීමෙන් ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස ඔවුනට රුපියල් තිස්දහස බැගින් වන්දි සහ රුපියල් දස දහස බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙස වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනට නියෝග කළේය.

පෙත්සම් කාර එස්.තුරේරාජා , එල්.ටී.බී .දෙහිදෙණිය සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨිධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගය කෙරිණි.

බලපිටියේ පදිංචි සමන්මලී ද සොයිසා සිරිවර්ධන සහ වත්තේගෙදර පදංචි නීතීඥ පුබුදු කුමාර යන නීතීඥවරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් පරීක්ෂක මලවීර , උප පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න , අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු , අම්බලන්ගොඩ ප්‍රදේශ බාර පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු , පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ තිබිණි.