නීතිඥ සුගන්ධිකාට තාවකාලික තහනමක්



 
ඔගස්ටින් ප්‍රනාන්දු     
 
මේ  දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි.


විවිධ අවස්ථාවල දී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරට අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් මෙරට සිටින නීතිඥවරුන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට තම සංගමයට ලද පැමිණිලි අනුව සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් කිහිප දෙනෙකුම කියා සිටියහ .


වැඩිදුරටත් එම ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් මෙසේ ද කියා සිටියහ.


නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට අප සංගමය සාමාජිකත්වය ඇති  ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  පත්කර ගනු ලැබුවා.එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසනු ලබන බවත් කිහ .


සාමාජිකත්වය තහනම් කර ඇති කාල සීමාව තුළ දි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය වෙත අප සංගමය මගින් සිය සාමාජිකයින්ට ලබාදෙන කිසිදු වරප්‍රසාදයක් පහසුකම් ලබාගත් නොහැකි වන බවත් ඔවුහු කීහ .