(ජේ.ඒ.එල්. ජයසිංහ)
නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර සංචාරක හෝටලයක පැවැති සාදකයකදී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙම ගැටුම අද අලුයම 1.00 පමණ හටගෙන ඇතැයි පොලිසිය පවසයි. සාදයට එක් වූ නීතිඥයකුගේ ඥාතීන් දෙදෙනකු හා හෝටල් සේවකයන් අතර ඇති වූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා වර්ධන වී ඇත. ගැටුමින් හෝටල් සේවකයන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
හෝටලයේ උපකරණවලට ද දැඩි ලෙස අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මහනුවර නීතිඥ සංගමයේ සභාපති ධම්මික හෙට්ටිහේවගේ මහතාගෙන් අප කළ විමසීමකදි මෙසේ කිය.මෙම සාදය මමයි සංවිධානය කළේ. ඊට නීතිඥවරුන් 270ක් පමණ එක්වුණා. ඔය ගැටුමට නීතිඥවරුන් කිසිවෙක් සම්බන්ධ නෑ.

