2014 අධ්‍යයන වසර සඳහා නීති විද්‍යාලයට සිසුන් 177 දෙදෙනකු පමණක් ගැනීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම් ඉවත දැමීමට කළ නියෝගය අහෝසි කර එම පෙත්සම විභාගයට ගන්නා ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම ලබන මාර්තු 28 වැනි දා විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙළේය. මෙම පෙත්සම ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
හැටන් ගාමිණිපුර පදිංචි අමිල අයි.සෙනෙවිරත්න මහතා ඇතුළු 32 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සංස්ථාපිත නීති අධ්‍යාපන මණ්ඩලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

