නීති විරෝධීව සිටි ඉන්දියානු ජාතිකයන් 24 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ මිරිහාන කර්මාන්තශාලාවක නීති විරෝධි අයුරින් රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් 24 දෙනෙකු ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එම කර්මාන්තශාලවේ විවිධ තනතුරු දරමින් සිට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.