නීති විරෝධීව රත්‍රන් ගෙන යාමට හැදූ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට


සිය ගුද මාර්ගයේ සහ ශරීරයේ අභ්‍යන්තරයේ සඟවා ගෙන ඉන්දීය රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා රත්‍රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු ඉන්දිය රේගු බලධාරීන් කණ්ඩායමක් විසින් මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෆාහීම් නැමැති  55 හැවිරිදි ලාංකිකයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සිය සිරුර අභ්‍යන්තරයේ සගවාගෙන පැමිණි රත්‍රන් කැබලි 12ක් සොයාගෙන තිබෙන අතර මොහු ග්‍රෑම් 205 ක් බරැති රන් කැබලි 6 ක් සිය ගුද මාර්ගයේ රහසිගත ලෙසින් සඟවා ගෙන පැමිණ ඇති අතර ග්‍රෑම් 300 ක රන් කැබලි ප්‍රමාණයක්  ගිල දමා  ඇතැයි එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.