නීති විරෝධීව ධීවර කටයුතු කළහොත් බලපත්‍රය හැමදාටම තහනම්


නීතී විරෝධිව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයින් හට  ජීවිත කාලයටම ධීවර  බලපත්‍රය  අහෝසි කිරීමට අද  (20) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තීරණය කර ඇත.


ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුළ  නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස එම බලපත්‍ර අත් හිටුවේ.
 
 මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධීවර   කටයුතු  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා විසින්  ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට උපදෙස්  ලබා දී තිබේ.
 
 බහුදින ධීවර යාත්‍රා නියමුවන් සිය යාත්‍රා නීතී විරෝධි අන්දමින් ධිවර කර්මාන්තයේ යෙදවීම බරපතල ගැටලුවක් බවට පත් ව ඇතැයි ද ඊට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න්නැයිද ලැබී තිබු පැමිණිලි අනුව මෙම පියවර ගෙන  තිබේ.

 

(36698)