නීති විරෝධීව ගෙන ආ දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ) 
 
නීති විරෝධි ලෙස ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට රැගෙන ආ විදේශ දුම්වැටි තොගයක් සමග එක් සැකකරුවෙකු  අද (03) උදැසන අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.

සැක කටයුතු අන්දමින් රැදි සිටියදි සිවිල් ඇදුමින් සැරසි සිටි පොලිස්  නිලධාරින් ඒ පිළිබදව නිරික්ෂණය කර  ඇත.

විනාඩි කීපයකින් පසුව ලොබිය තුළ සිටි පිරිසක් මැද සිටිමින් සැකකරු වෙනත් අයෙකු රැගෙන ආ  පාර්සලයක් බෑගයකට දමා ගන්නා අයුරු නිලධාරින් දැක තිබේ.
ඉන් ඇතිවූ සැකය මත ඔහු සන්තකයේ තිබු ගමන් මලු පරික්ෂා කිරීමේදි විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 4280 සහිත දුම්වැටි ඇසුරුම් සොයාගෙන ඇත.

සැකකරු නිතර ගුවන්තොටුපලට පැමිණ ඉන්දියාවේ පැමිණෙන ව්‍යාපාරිකයන් ගෙන් දුම්වැටි සහ විදේශ මත්පැන් බෝතල් මිළදි ගෙන පිට පළාත්වලට ගොස් වැඩි මිලකට අ‍ළෙවි කරන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
.