නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට


( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම සිලාවතුර කොණ්ඩංචිකුඩා මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12 දෙනෙකු සහ  යාත්‍රා 04 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 1670ක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් කොණ්ඩංචිකුඩා මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී  මොවුන් අත්අඩංගුට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිලාවතුර, මන්නාරම, වංකාලෙයි, සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 28 ත් 48 ත් අතර වියේ පසුවන්නෝ වෙති.