ප්‍රවිණ කලාකරු නිහාල් ප්‍රනාන්දු මහතා මේ වන විට දැඩි රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඒ මහතා සුවපත් කරගැනිමට සැත්කම් කිහිපයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනිමේ අරමුණින් එක්සත් කලා සංසදය සංවිධානය කරන නිහාල් ප්‍රනාන්දු කලාකරුවා රංගනයෙන් දායක වු වේදිකා නාට්‍ය තුනක් වේදිකාගත කිරිම ඔක්තෝබර් 15,16 සහ 17 කොළඹ මහානාම විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවක් කොළඹ ජානකි හෝටලයේදී අද (09) පැවැත්විණි. ධර්මසිරි බණ්ඩාරනායක, සුරේනි සෙනරත්, ඩයනා ගමගේ,මිචෙල් ෆොන්සේකා ඇතුළු කලාකරුවෝ මේ අවස්ථාවට එක් වුහ.





