නිසිකලට මැතිවරණ නොතිබීම නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝදා පාලූවට ලක්වෙලා


(නාලක සංජීව දහනායක)

නිසි කලට මැතිවරණ නොපැවැත්වීම නිසා රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි සෝදාපලූවකට ලක්ව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) පැවසීය.

මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙන්වාදුන්නද ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැතැයිද ඔහු කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

    ‘‘එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව අන්තිම අසාර්ථකයි. මේ ආණ්ඩුවේ කතාව මිස වැඩ නැහැ. මොවුන් රටේත් ජනතාවගෙත් අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම වෙනුවට රට පාවාදෙන්න කටයුතු කරනවා. මේ ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ මිනිසුන් පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව තමන්ගේ හද ගැස්ම ප‍්‍රකාශ කළා.

එදා ආණ්ඩුවත් ආණ්ඩුවට පන්දම් අල්ලන සියලූම සංවිධානත් පරාජය වුණා. ආණ්ඩුවට එරෙහිව එදා ආරම්භකළ ගමන නොනැවතී ඉදිරියට යනවා.

නිසිකලට මැතිවරණ නොතිබීම නිසා අද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝදා පාලූවට ලක්වෙලා. මැතිවරණ කොමසාරිස් මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක්. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන් විසින්ම සම්මතකරගත් නීතිරීති අද ආණ්ඩුවම ඉරා විසිකරනවා.

ආණ්ඩුව විපක්‍ෂයටත්, මාධ්‍යයටයත් එළිපිටම තර්ජනය කරනවා.මෙය ඉතාම භයානක තත්ත්වයක්. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ පරාජයත් සමඟ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යන්න නොහැකිව තිබෙනවා. ඒ නිසා රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින්, ජාතියසතු සම්පත් සුරකීමට රටට හිතැති අලූත් ආණ්ඩුවක් ස්ථාපිත කරගතයුතුව තිබෙනවා.‘‘

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි