නිශ්ශංක සේනාධිපතිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම 19 වැනිදා විභාගයට


(මනෝප්‍රිය ගුණසේකර )
 
තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින්  ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


මෙම පෙත්සම  බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළේය.