නිශ්ශංක සේනාධිපතිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්



 
(මනෝප්‍රිය ගුණසේකර)

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පොලිස්පති පුජිත් ජයසුන්දර,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වේ.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව පවසන පෙත්සම්කරු මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින්  පෙත්සම අවසන් වනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලීමක් කර ඇත.