නිවේදනය නොතකා මුහුදු ගිය ධීවරයින් 25ක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

බෙංගාල බොක්කේ ඇතිව තිබෙන අඩුපීඩන තත්ත්වයේ බලපෑම අද (6) දිනටද බලපාන හෙයින් ධීවරයින්ට මුහුදු ගමන් යාමෙන් වළකින ලෙසට දැනුම් දී ඇති බවත් එම නිවේදන නොතකා මුහුදු ගමන් ගිය ධීවරයින් 25 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් මන්නාරම් මුහුදු තීරයේදී ධීවරයින් 25 දෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී ඇති අතර පොලීසිය විසින් අදාල ධීවරයින් පිරිස මන්නාරම් අධිකරණය වෙතට ඉදිරිපත් කර ඇත.
 
නිවේදනයන් නොතකා මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් 25 දෙනාට මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ ඇලෙක්ස් රාජා මහතා ඊයේ (5) දින දැඩි ලෙස අවවාද කොට නිදහස් කළේය.