වයඹ දිස්ත්‍රික් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ද අතුල විජේසිංහ මහතා ද යන ප්‍රශ්නය හලාවත මදුරන්කුලියේ උත්සවයකදී ඉරිදා මතු විය.
උත්සවයේ නිවේදකයා කතා කිරීම ආරම්භ කළේ වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතාගෙන් අවසරයි යනුවෙන් පවසමිනි .
මුලාසනයේ සිටියේ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාය.
ජයසේකර මහතා එම සිද්ධිය සැහැල්ලුවෙන් ගත්තේය.පරණ පුරුද්දට එසේ කීම වරදක් නැතැයි නව මහ ඇමැති කීවේය.නිවේදකයා අසීරුවට පත් වීම හැර අන් කිසිවක් එහිදී සිදු නොවීය.

