නිවෙස්වල සිටින්නැයි මෝදි ජනතාවගෙන් යළි ඉල්ලයි


කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉහළ යමින් පවතින බැවින් නිවෙස්වලින් පිටතට යාමෙන් වැළකී ආරක්ෂා වන්නැයි අගමැති මෝදි ජනතාවගෙන් නැවතත් ඉල්ලීමක් කරයි.

ජනතා ඇඳිරි නීතියක් හෙවත් ජනතාව විසින්ම පනවා ගන්නා ස්වයං ඇඳිරි නීතියක් අනුව කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටියි.

ඒ අනුව හෙට උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා එය අනුගමනය කරන්නැයි අගමැතිවරයා ජනතාවට දන්වා සිටියි.

සෑම පුද්ගලයෙකුම තවත් පුද්ගලයින් 10 දෙනකු මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් ඔවුන්ව ද නිවෙස්වල සිටීමට පොළඹවන්නැයි ඔහු පෙන්වා දෙයි.

දුම්රිය ගමන් අතරතුර අාසාදිත පුද්ගලයින් සොයා ගෙන ඇති බැවින් දුම්රිය චාරිකාවල නිරත වීම ද අවදානම් බව අගමැති වරයා ප්‍රකාශ කරයි.

එබැවින් සියලු දුම්රිය චාරිකා කල්දමා තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. 

-226-