නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටී හතරක් අතුරුදහන්


මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිව් දෙනකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබි ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

දින කිපයක් තිස්සේ ඇඳහැළුණු තද වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩා වැටී ඇත. මෙම අනතුරින් මව පියා පුතා සහ තවත් අයකු අතුරුදහන් වි ඇතැයි දැන ගන්නට ඇත.

අතුරුදහන් වූවන් සොයා ප්‍රදේශවාසීන් පොලිසිය සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.