නිවැරැදිකරු බව පොන්සේකා කියයි


හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට රැකවරණ දී රාජද්‍රෝහී ක්‍රියා කිරීම ඇතුළු චෝදනා 41කට තමන් නිවැරැදි කරුවන් බව හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප‍්‍රිය ද සිල්වා   මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ දි කීහ. චෝදන එකින් එක ඔවුන් ඉදිරියේ කියවන ලද්දේ තෝල්ක මුදලි විසිනි.  චෝදනා 19ක් නිවැරැදි කිරීමට රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහාතට අවසර දුන්නේය. සේනක ද සිල්වාගේ නීතීඥ උපුල් ජයසූරිය මහතා කීවේ එසේ නිවැරදි කිරීම් ගැන කරුණු දැක්වීමට අවශ්‍ය බවයි. පෙබරවාරි 21 වැනිදා ඒ වෙනුවෙන් වෙන් විය. යුද හමුදාවට උපකරණ කිහිපයක් සැපැයීයැයි පවරා ඇති හයිකෝප් නඩුව ද රාජපක්ෂ විනිසුරු  හමුවේ විභාගයට ගැනෙන නිසා මේ නඩු දෙකම ඔහු ඉදිරියේ විභාග කිරීම ගැන අකැමැත්තක් ඇද්දැයි උසාවිය විත්තියේ නීතීඥවරුන්ගෙන් ඇසූ විට ඒ ගැන විත්තිකරුවන්ගෙන් අසා දන්වන බව නීතීඥවරු කීහ.