මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය අවලංගුවීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙනි. ඡන්දය අවලංගුවීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කළ 181,930 දෙනකු අතරින් 17,155 දෙනකුගේ ඡන්දය අවලංගු වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9 . 43 කි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 325,805ක් අතරින් ඡන්ද 25,496ක් අවලංගු වී ඇති අතර එහි ප්‍රතිශතය සියයට 7 . 83කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ප්‍රකාශිත ඡන්ද 420,734ක් අතරින් ඡන්ද 32,788ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ සියයට 7 . 79ක් අවලංගු ඡන්ද බවට පත්කරමිනි.
ප්‍රකාශ කළ ඡන්ද අතරින් අඩුම ඡන්ද සංඛ්‍යාවක් අවලංගු වූ දිස්ත්‍රික්කය බවට පත්ව ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 639,318කි. ඉන් ඡන්ද 37,778 ක් හෙවත් සියයට 2 . 36ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ වැඩිම වලංගු ඡන්ද ප්‍රතිශතය හිමි දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්කරමිනි.
මාතර දිස්ත්‍රික්කය එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ අවලංගු ඡන්ද සංඛයාව 2 . 59ක ප්‍රතිශතයක් බවට පත්කැර ගනිමිනි. මාතර ඡන්ද දායකයන් 623,818ක් ඡන්දය භාවිතා කරද්දී අවලංගු වී ඇත්තේ ඉන් ඡන්ද 12,692ක් පමණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 375,885ක් මෙවර මැතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කර ඇති අතර ඉන් ඡන්ද 10,056ක් අවලංගු වී ඇත. ඒ අනුව අවලංගු ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2 . 68කි.
මැතිවරණ කාර්යාලය පවසන්නේ සිය ඡන්දය සලකුණු නොකිරීම, ඡන්දය කුරුටුගෑම. පක්ෂ කිහිපයකට ඡන්දය ප්‍රකාශ කර තිබීම, ලකුණු කිරීම පැහැදිලි නොවීම ආදී විවිද හේතූන් මත ඡන්දය ප්‍රතික්ෂේප වන බවයි. මේ අතර හිතා මතා ඡන්දය අවලංගු කිරීම හා නොදැනුවත් බාවය මත ඡන්දය වැරදි ලෙස සලකුණු කිරීම ද මෙලෙස ඡන්දය අවලංගු වීමට බලපාන බව මැතිවරණ කාර්යාලය පවසයි.

