
(සුජිත් හේවාජුලිගේ)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට දෙවෙනි වතාවටත් කැඳවා ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් පසුගිය සතියේ කැඳවා කළ විමර්ශනයකදී දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය විය
මෙසේ හෙළිවූ කරුණු අතරට විවිධ තනතුරු වලට බඳවා ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතා මෙන්ම කොළඹ නගරයේ ඉඩම් පැවරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාද ඇතුළත් විය.

