(එම්.කේ.නන්දසේන)
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
මියගොස් ඇති පුද්ගලයා අදාළ නිකේතනයේ සේවය කර ඇති අයෙකු බවටත්, කොණ්ඩ උපුල් යනුවෙන් හඳුන්වන බවත් කියයි. එම නිකේතනයේ වෙනත් කිසිවෙකු නොමැති අතර හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි බවටත් අනාවරණයවී ඇත.
මරණකරුගේ හිසෙහි පිටුපස සහ වම් අතෙහි කිහිල්ල පෙදෙසේ කැපුම් තුවාල සහ දකුණු වැලමිට සීමාවේ තැලීම් තුවාල දක්නට ඇති නිසා මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවටත්, මීට දින දෙකකට පමණ ඉහතදී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක පල කරයි.