නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි


 (අංජුලමහික වීරරත්න)

 

මහින්ද රාජපක්ෂ  මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපෘතිය සඳහා චීන සමාගමකින් ඩොලර්  මිලියන 7.6 ක අල්ලසක්  ලබා දීම සම්බන්ධයෙන්  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් දෛනික පාර්ලිමේන්තු විවාදයක්  ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසිය.

 

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට  අනුව ලබන පාර්ලිමේන්තු සතියේදීම මෙම විවාදය ඉල්ලා සිටින බව කී  මන්ත්‍රීවරයා  මේ පිළිබඳව කන්දේ ලන්දේ කතා කරනවාට වඩා  පාර්ලිමේන්තුවේ කතා කිරීම සුදුසු බව  එක්සත් ජාතික පක්ෂයේ මතය බවද කීය.

 

කඩපිල් ගානේ ගොස් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන  පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට  තම නිර්දෝෂි බව ඔප්පු කර ගැනීමේ හැකියා තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

 

නායකයින් ප්‍රශ්නවලට  උත්තර දිය යුත්තේ රාජ තාන්ත්‍රික  අයුරින් මිස හන්දි ගානේ ගොස් බෙල්ල කපා ගන්නවා  යනුවෙන් පැවසීමෙන් නොවන බවද මන්ත්‍රීවරයා කිය.

 

 පිටකෝට්ටේ  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 

 

(ඡයාරූපය -  ඉෂාන් සංජීව)