(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි පසුගිය රජයේ ඇතැම් නායකයන් චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගන්නා ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දිනක විවාදයක් අද (19) මැතිසබයේදී පැවැත්වේ.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
මැතිසබයේදී අද උදේ 10.30 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.