නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය ගැන දිනක විවාදයක්


සුජිත් හේවාජුලිගේ

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී  පසුගිය රජය චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.විවාදය සභාව කල් තබන විවාදයක් ලෙස මෙදින දවස පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවැසීය.