නිව්යෝක් වෙසක් පින්කම


වෙසක් උත්සවය සමරමින්  ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් හි නිව්යෝක්  බෞද්ධ  විහාරයේ  පිංකම් මාලාවක් පැවැත්විණි.

විහාරධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමියන්ගේ අනුශාසනා  පරිදි නිව්යෝක් නුවර තරුණ බෞද්ධ සංගමය සහ දහම්පාසල මේ පින්කම සංවිධානය කැර තිබිණි.

125 කට අධික පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.වැඩිහිටි භක්ති ගීත,දරුවන්ගේ භක්ති ගීත,ලේ දන් දීමේ  පිංකම්,දන්සල් ආදීය ද  පැවැත්විණි.

\\\