නිව්යෝක් නුවර වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින්‍, සිවු දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

මෙම වෙඩි තැබීම කළ සැකකරු, ලාස් වේගාස් නුවර සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නමැත්තා බව පොලිසිය පවසයි. 

ෂේන් ටමුරා ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය.

ෂේන් ටමුරා සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරේ පොලිස් නිලධාරියෙක් ද සිටී.