(තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සමඟ සෑම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේ දී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටියි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියා සිටී.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බවයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සෑමවිටම දෙපාර්ශවය අතර පුළුල් සංවාදය, ඒකාබද්ධ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර ප්‍රතිලාභ බෙදා ගැනීමේ ස්වර්ණමය රීතිය මත පදනම් වන බවද චීන තානාපති කාර්යාලය කියා සිටීයි.