(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිව්මෝනියාව වැළදීම හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ තවත් රෝගීන් දෙදෙනෙකු අද (03) මිය ගිය බව මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා මහතා පැවසීය.
එම රෝහලේ බාහිර රෝගී අංශයේ දී එසේ මිය ගොස් තිබුණේ මාතර දෙවිනුවර පූජා භූමියේ මල් වෙලෙන්දියක වු කංකානම්ගේ ශ්‍රීයානී (52) හා අකුරැස්ස මලිදුව බංගම කේ.ඒ.චන්ද්‍ර විමල (76) නැමැති දෙදෙනෙකි.
ඔවුන් සෑදීම නිසා රෝහල වෙත රැගෙනවිත් තිබෙන බව කියති.
ඒ අනුව පසුගිය මාසය තුලදී නිව්මෝනියාව හේතුවෙන් මාතර මහ රෝහලේදී මිය ගිය රෝගීන් ගණන 15 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
ඒ අතර 29 හැවිරිදි සය මස් ගැබිණියක හා 21 හැවිරිදි තරුණියකද වෙති.
ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් වර්ග කිහිපයක් ආසාදනය වීමෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.ඔවුන් ගාල්ල කරාපිටිය හා කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ දී මිය ගොස් තිබේ.
උද්ගතව ඇති තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්වයක්ද මතු වී ඇත.
මේ නිසා මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය හෙට (04) මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකාව හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මුණ ගැසීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව ඔවුන් වෛරස් උණ රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සදහා අත් පත්‍රිකා හා මුඛ ආවරණ පනස්දහස බැගින් බෙදා හැර පාසල් දරුවන් ඇතුළු ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.