නිව්ජර්සි ප්‍රාන්තයේ වැසියන්ට නිවෙස් වල සිටින්නැයි නියෝග


ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා "ගෙදර සිටින්න" නියෝගය ක්‍රියාත්මක කිරීමට නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සූදානම් වේ.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 4 ක් එම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

සිය වැසියන්ට නිවසට වී සිටින්නැයි මුලින්ම නියෝග කළේ කැලිෆෝනියා ප්‍රාන්තය වන අතර ඒ අනුව යමින් ඉල්නෝයි, කනේටිකට් සහ නිව්යෝක් යන ප්‍රාන්ත ද එම පියවර ගත්තේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත වෙන වෙනව දැඩි පියවර ගනිමින් සිටී.

රොයිටර්

055